Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇමැති බිරිඳට අලුත් තනතුරක් !

|Tue,10 Jan 2017 08:42|Security| Page Views : 126

අලුත් පුවත්
සිවිල් ආරක්ෂකයින් 2500ක් අද සිට පොලිසියට ...
මන්ත‍්‍රීවරුන් 10 ක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ..
පිල්ලයාන් ඇතුළු 4 ක් තවදුරටත් සිර බත් කයි..
දියවන්නාවේ කිඹුලන්ට එරෙහිව කථානායකට ලිපියක් !
China’s 4G users rise up to 734 million
ඇප ඉල්ලා වීදි බසී..
සයිබර් ප්‍රහාර ගැන මම සිටියේ අවතක්සේරුවකින් ...
Delimitation Appeals Review Committee to meet party leaders
 
ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ ඊලඟ සභාපති තනතුරට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය නිතරඟයෙන් තෝරා පත්කරගෙන ඇත.

පසුගිය සිකුරාදා (06) රාත්‍රි පැවැති සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී සුජාතා සේනාරත්න මහත්මිය මෙම තනතුරට තෝරා පත්කර ගෙන තිබේ.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් වෛද්‍යවරියක ලෙස උපාධිය ලබාගනිමින් සෞඛ්‍ය සේවාවට එක් වූ ඇය, වෛද්‍ය පරිපාලන විද්‍යාවේදී, විද්‍යා විශාරද යන උපාධි හිමි කර ගනිමින් එම ක්ෂේත්‍රයේ එවැනි උපාධියක් හිමිකර ගත් පළමු විශේෂඥ වෛද්‍යවරිය ලෙස ඉතිහාසයට එක්වූවා ය.

පශ්චාත් උපාධි ආයතනයේ වෛද්‍ය පරිපාලන අධ්‍යයන මණ්ඩලයේ සාමාජිකාවක වෙමින් වෛද්‍ය පරිපාලන අධ්‍යයන දේශකයෙකු ලෙස ද ඇය සේවය කරයි. තම පරිපාලන දැනුම උපයෝගි කර ගනිමින් කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ ජාතික රෝහල, ඇතුලු රෝහල් ගණනාවක නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක සහ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස ද සේවය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස මේ වනවිට කටයුතු කරන ඇය ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලන නිලධාරී සංගමයේ සභාපති තනතුරට නිතරගයෙන් පත්වීම සන්ධිස්ථානයකි.

රාජිත සේනාරත්න පදනමේ සම සභාපතිනි වන්නේද වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න