Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආයෙමත් මෛත්‍රී තමයි - එස්.බී කියයි ...

|Wed,11 Jan 2017 06:46|Political| Page Views : 64

අලුත් පුවත්
හිස් මිනිසුන්ගේ බොල් හඬවල් රටට එපා ..
ඩ්‍රෝන සඳහා නව නීති
South Africa name weakened T20 squad
ජොන්ස්ටන්ගේ නඩු 5ම කල් යයි
FCIDය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක්
BMW concept car puts holographic controls at your fingertips
හිරුණිකා හදිසියේ රෝහල් ගත කරයි
අඩු ආදායම්ලාභීන්ට ස්වයං රැකියා උකරණ ලබා දේ
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ ද පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැව් අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

පක්ෂයේ කාන්තා හා තරුණ සමිති වල මෙන්ම පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිතිවල ප්‍ර‍බල ඉල්ලීම වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම බවත්, එහෙත් ජනාධිපතිවරයා මේ පිළිබඳව කිසිදු අදහසක් ප්‍ර‍කාශ කර නැති බවත් ඇමැතිවරයා පැවසුවේ සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

2014 පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති වුවත්, මෛත්‍රීපාල ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ බහුතරයකගේ ඉල්ලීමෙන් පක්ෂයේ සභාපති ධූරය භාරගත් නිසා පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට පක්ෂය කරන ඉල්ලීම පිළිබඳව ඔහු අනුකූලතාවයක් දැක්විය යුතු බවද ඇමැති දිසානායක මහතා සඳහන් කළේය.

ඇමැතිවරයා මාධ්‍ය හමුවේ මෙසේද පැවසුවේය.

අපේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බව අප නිතරම එතුමාට කියනවා. අදත් අපි හිතන්නේ මේ එජාප ශ්‍රීලනිප සම්මුතිවාදී ආණ්ඩුවට තව වැඩ ගොඩක් තියනවා. මේ දෙක එකතු වෙලා ඉන්නවට පක්ෂ දෙකේම අකමැති අය ඉන්නවා. ඒ අයට මම කියන්න කැමතියි මේ දෙක එකතු වුණු නිසා අපි ලැබූ විශාල ජයග්‍ර‍හණ තියෙනවා.

ඉදිරි පළාත් පාලන ඡන්ද කොට්ඨාශ ක්‍ර‍මයට තියන්න ප්‍ර‍ධාන පක්ෂ දෙක එකඟයි. ඒ වගේම අපිට අවශ්‍යයි මීළඟ පලාත් සභා හා මහ මැතිවරණයට යන්න කලින් මිශ්‍ර‍ ක්‍ර‍මයට හා කොට්ඨාශයකට මන්ත්‍රීවරයෙක් ඉන්න පළාත් සභා හා පාර්ලිමේන්තු ඡන්ද ක්‍ර‍මයක් අනුමත කර ගන්න.

මේ නිසා අපි හිටපු ජනාධිපතිතුමා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියන්නේ මේ ජයග්‍ර‍හණ ටික ලබා ගන්නත්, පක්ෂය ශක්තිමත් කරන්නත් ශ්‍රීලනිපයට සහය දෙන්න කියලයි.

ජනමත විචාරණයකට යන නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් සඳහා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට හා ඒ කණ්ඩායම ජනතාවට දුන් පොරොන්දු අනුව වරමක් නැහැ. අපි එහෙම එකක් ඉල්ලලත් නැහැ. ජනාධිපති ක්‍ර‍මයේ බලතල අඩුකරන සංශෝධන ඇරෙන්න තව ඉන් එහාට යනවා නම් අපිට ගැටළුවක් තියෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න