Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නව ඖෂධ නිෂ්පාදනාගාරයක් අද විවෘත වෙයි !

|Wed,11 Jan 2017 08:32|Security| Page Views : 115

අලුත් පුවත්
ආයෙමත් මෛත්‍රී තමයි - එස්.බී කියයි ...
හිස් මිනිසුන්ගේ බොල් හඬවල් රටට එපා ..
ඩ්‍රෝන සඳහා නව නීති
South Africa name weakened T20 squad
ජොන්ස්ටන්ගේ නඩු 5ම කල් යයි
FCIDය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක්
BMW concept car puts holographic controls at your fingertips
හිරුණිකා හදිසියේ රෝහල් ගත කරයි
 
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩිදියුණු කිරීම සඳහා අදාළ යටිතල පහසුකම් සහ නවීන යන්ත්‍රෝපකරණ සහිතව නව ඖෂධ නිෂ්පාදනාගාරය ඉදිකිරීම සදහා ජපානයේ අන්තර්ජාතික සහයෝගිතා නියෝජිත ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීම අද (11) පස්වරු 2.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මේ සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 1.5 කි. රජය වාර්ෂිකව රුපියල් බිලියන 55 කට වැඩි මුදලක් ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් සඳහා වැය කරනු ලබයි.

ඖෂධ වර්ග 12,100 ක ප්‍රමාණයෙන් වර්ග 32 ක් පමණක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මේ වනවිට නිෂ්පාදනය කරයි. ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ඖෂධ දේශීය වෙළෙදපොලට සහ දිවයින පුරා රෝහල්වලට සැපයීමේ අරමුණින් නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත.

තව ද විදේශ විනිමය ඉතිරි කර ගැනීම ද එහි තවත් අරමුණකි. 2018 වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් සියයට 75 ක් ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කිරීම තම අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ ඖෂධ සමාගම් 32 ක් ගිවිසුම් අත්සන් කර ඖෂධ නිෂ්පාදනය කිරීමට සුදානම්න් සිටින බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න