Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලංකාවේ නාවික හමුදාවට විරෝධය දක්වා තමිල්නාඩුවේ උද්ඝෝෂණ !

|Wed,11 Jan 2017 12:30|Security| Page Views : 110

අලුත් පුවත්
Sri Lanka to help Nepal rebuild temples damaged by quake
Captain of ship with 492 Lankan migrants continues testimony
National Sports and Physical Fitness Promotion Week declared
සර්ව බලධාරී අල්ලාහ්ගේ පාරිශුද්ධ වූ නාමයෙන් දැවැන්ත ප්‍රචාරක සටනක් !
Yahoo වල වෙනසක් !
වොක්ස්වැගන් සමාගම නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි
භූමිතෙල් මිල අඩු කෙරේ !
නව ඖෂධ නිෂ්පාදනාගාරයක් අද විවෘත වෙයි !
 
(මෙම ලිපිය පරිවර්තනය කලේ ටැමිල්වින් වෙබ් අඩවිය වෙතිනි)

ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් අඛණ්ඩව සිදුකරන පහරදීම් සහ අත් අඩංගුවට ගැනීම් යනාදියට විරෝධය දක්වා 2017.01.09 වන දින පැවැත්වූ ධීවර නියෝජිතයින්ගේ රැස්වීමේදී, තමිල්නාඩුව පුරා දුම්රිය මාර්ග හරස් කර උද්ඝෝෂණ පැවැත්වීමට තීරණයකර ඇත.

ඒ අතරම, ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් අඛණ්ඩව සිදුකරන පහරදීම් සහ අත් අඩංගුවට ගැනීම් යනාදියට රාමේශ්වරම් ට්‍රෝලර් යාත්‍රා ධීවර සංගම්වල නියෝජිතයින් 2017.01.09 වන දින පැවැත්වූ සාකච්ඡාවේදීත් විරෝධය දක්වා ඇත.

ශ්‍රී ලංකා රජය විසින් සිරගතකර සිටින තමිල්නාඩු ධීවරයින් 20 දෙනා සහ ඔවුන්ගේ යාත්‍රා 128 කඩිනමින් නිදහස් කරගැනීමට ඉන්දීය මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් ක්‍රියාමාර්ග ගත යුතු බවත්, ගැඹුරු මුහුදේදී අනතුරට ලක්වු ධීවර යාත්‍රා 18ක් සඳහා සම්පුර්ණයෙන් වන්දි මුදලක් ලබාදිය යුතු බවත් අවධාරණය කරමින් තමිල්නාඩුව පුරා ඇති වෙරළ ආසන්න දුම්රිය මාර්ග හරස් කර, උද්ඝෝෂණ පවත්වන බවට එහිදි යෝජනාවක් සම්මත කරගෙන ඇත.

මෙම කරුණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුළු ධීවර සංගමයේ සභාපති ඉරුදයම්, ධීවර කටයුතුවල නිරතවීමට මුහුදු යන ධීවරයින්ට පහරදීම සහ අත් අඩංගුවට ගැනීම යනාදි කටයුතු දැඩි ලෙස හෙලාදැකිය යුතුය. ශ්‍රී ලංකාවේ නාවික හමුදා විසින් අඛණ්ඩව සිදුකරන පහරදීම් සහ අත් අඩංගුවට ගැනීම් යනාදි කටයුතු දෙස ඉන්දීය මධ්‍යම රජය නිහඬව බලා සිටීම දැඩි ලෙස හෙලාදැකිය යුතු කරුණකි.

එබැවින්, තෛපොංගල් උත්සවයට පෙර, ධීවරයින්ව සහ ඔවුන්ගේ යාත්‍රා නිදහස් කරගැනීමට කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගත යුතුය. එසේ නොමැතිවුවහොත්, තමිල්නාඩුව පුරා ඇති දුම්රිය මාර්ග සහ මහා මාර්ග හරස් කර, අඛණ්ඩව උද්ඝෝෂණ පැවැත්වීම සඳහා මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත්තෙමු යනුවෙන් ප්‍රකාශ කර ඇත. ‍


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න