Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සංහිඳියාවේ නාලිකාව ළඟදීම ...

|Wed,11 Jan 2017 13:16|Special| Page Views : 64

අලුත් පුවත්
ලංකාවේ නාවික හමුදාවට විරෝධය දක්වා තමිල්නාඩුවේ උද්ඝෝෂණ !
Sri Lanka to help Nepal rebuild temples damaged by quake
Captain of ship with 492 Lankan migrants continues testimony
National Sports and Physical Fitness Promotion Week declared
සර්ව බලධාරී අල්ලාහ්ගේ පාරිශුද්ධ වූ නාමයෙන් දැවැන්ත ප්‍රචාරක සටනක් !
Yahoo වල වෙනසක් !
වොක්ස්වැගන් සමාගම නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි
භූමිතෙල් මිල අඩු කෙරේ !
 
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අනුබද්ධ අභිනව නාලිකාව වන සංහිඳියාවේ නාලිකාවේ මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා පසුගිය අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 180 ක මුදල රූපවාහිනිය වෙත පිරිනැමීම සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගිය ඉරිදා අත්සන් තැබිණ.

එම මුදල ජාතික එ්කාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේ පසුගිය අයවැයෙන් වෙන්කර තිබූ අතර එය රූපවාහිනිය වෙත පැවරීමේ ගිවිසුමට අමාත්‍යංශ ලේකම් වී.සිවඥනසෝති සහ සංස්ථා සභාපති නීතිඥ රවී ජයවර්ධන යන මහත්වරු අත්සන් තැබූහ.

නව නාලිකාව සඳහා සංඛ්‍යාත ලබා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු පදවි ප‍්‍රාප්තියට සමගාමීව 2016 ජනවාරි 08 වනදා සිදුවිය.

ජනාධිපතිවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ සංස්ථා සභාපති නිතිඥ රවී ජයවර්ධන මහත්වරුන් වෙත එ් සඳහා වූ නිල ලේඛනය එහිදී පිරිනැමුණු අතර නාලිකාවට අවශ්‍ය උපකරණ ලබා දීමට අවශ්‍ය ප‍්‍රතිපාදන 2017 අයවැයෙන් වෙන් කෙරිණ. එම මුදල පිරිනැමීම සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ දෙවන පදවිප‍්‍රාප්තියට සමගාමීවය.

සංහිඳියාවේ නාලිකාවේ කටයුතු 2017 වසර තුළ කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. ගිවිසුමට අත්සන් කිරීම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේදී සිදු කෙරුණු අතර එම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක, රංජිත් සියඹලාපිටිය, මනෝ ගනේෂන්, කරු පරණවිතාන, අජිත් පී.පෙරේරා යන මැති ඇමතිවරුද සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සුනිල් ශාන්ත මහතාද සහභාගී වූහ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න