Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විශාඛා කෙල්ලො සන්නි නටයි

|Thu,12 Jan 2016 10.06|Security| Page Views : 91

අලුත් පුවත්
වීරවංශගේ සිල් බිදෙයිද !
මහනුවර රෝහලින් මරුට ලංවේ
දුරුතු පොහොය අදයි
රුහුණ සිසුන් බස් නැවතුම අල්ලයි
රැකියා ගැටළුවට සාකච්ඡා !
Dengue fever sidelines Lasith Malinga
කැරබිනියරි කොළඹට එයි ..
The Global Race for Next Generation Battery Power
 
කොළඹ විශාඛා විදුහලේ මේ සති අන්තයේ පැවැත්වීමට නියමිත දහඅට සන්නියක් හේතුවෙන් එහි අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන්ට පේවී සිටින්නට සිදුවූ බව වාර්තා වේ.

මේ තත්ත්වය හේතුවෙන් පසුගිය සතිය පුරා එම පාසලේ දරුවන් මස් මාංශ පාසලට ගෙනඒම මෙන්ම ඒවා අනුභව කිරීමෙන්ද වැලැකී සිටි බව වාර්තා වේ.

එසේම එම විදුහලේ ආපන ශාලාවටද මේ තත්ත්වය හේතුවෙන් මස් මාළු තහංචියක් පසුගිය සතියේ පනවා තිබූ බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් අප එහි විදුහල්පතිනි සඳමාලි සන්ධ්‍යා අරුප්පොල මහත්මියගෙන් කළ විමසීමකදී ඒ මහත්මිය අදාළ කාරණාව තහවුරු කළේය.

කෙසේවුවද, මේ ශාන්ති කර්මය දරුවන්ගේ යහපත වෙනුවෙන් බවත්, එහි වටිනාකමක් ඇති බව තහවුරු වන කරුණු රාශියක් ඇය විසින් ඉදිරිපත් කළ අතර ඒවා පිටිගත කර ප්‍රචාරය නොකරන ලෙස ඉල්ලීමක් කළේය.

ඒ ඉල්ලීමට අනුව අප එය පටිගත කළ ද එය ප්‍රචාරය නොකිරීමට තීරණය කළේය.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා කියා සිටියේ විද්‍යාත්මක චින්තනයක් සහිත අධ්‍යාපනයක් ලබාදීම පාසලේ යුතුකමක්ව තිබියදී කොළඹ ප්‍රධානම බෞද්ධ බාලිකාවක් වන මේ පාසල මෙසේ ශාන්ති කර්ම කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම කනගාටුවට කරුණක් බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න