Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සාමය,සහජීවනය රජයන ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෙටක් කරා

      අද අප ගත කරමින් සිටින්නේ සංක‍්‍රාන්තික සමයක යැයි කිවහොත් වඩාත් නිවැරදිය. සමස්ත ශ‍්‍රී ලංකාවම ගොදුරු කරගෙන සිටි ත‍්‍රස්තවාදයේ කුරිරු පහසින් මිදුණ අපි අද ඒ අමිහිරි මතකය නැමති වැලි ගසා දමා වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අනාගතයක් කරා පියවර මනිමින් සිටින්නෙමු. ඒ ගමනේදී කටු කොහොලින් පිරි මඩගොහොරු සේම මලින් ගැවසි සුගන්ධවත් ඉසව්ද පසුකර යාමට සිදුවේ. යළි එකම රටක් ලෙස එක්ව නැගී සිටීම ඇසිල්ලකින් කළ හැකි ආශ්චර්යයක් නොවේ. ඒ සදහා සමස්ත ජාතීන්ගේම හද ගැහෙන රාවය හදුනාගෙන ඔවුන් හා එක්ව පියවර මැනිය යුතු වේ.

   දශක තුනක යුද්ධයෙන් උරුම වූ අමිහිරි වූ මතකයන් අතර මිනිසුන් මියගිය, තුවාල ලද, නිවාස අහිමි වූ, පුද්ගලයන් අතුරුදන්වූ අවස්ථා එමටය. මේ සියල්ල දෙස මානුෂීයව සලකා බලමින් සමස්ත ජාතීන්ගේ සහජීවනය සදහා වන අනාගතයක් කරා ගමන් කිරීම අවැසිම කාරණයකි.

   මේ සදහා වත්මන් රජය විසින් ගන්නා ලද දහසකුත් එකක් ප‍්‍රයත්නයන් අතර සංක‍්‍රාන්තික යුක්තිය සංකල්පයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. යහපාලන රජය විසින් රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයේදී එම සංකල්ප ස`දහා අවකාශය ලබාදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉදිරි පිම්මක් ලෙස හැදින්විය හැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 30වන සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව විසින් පසුගිය යුධ වාතාවරණය තුළ ඇතිවූ මානව හිමිකම් ගැටලූ සංක‍්‍රාන්තික යුක්ති සංකල්පය කේන්ද්‍ර කරගනිමින් ආමන්ත‍්‍රණය කිරීමට එකගතාවයකට පැමිණියහ. ඒ අනුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේ සංහි`දියා යාන්ත‍්‍රණය සම්බන්ධීකරණ මහලේකම්කාර්යාලය පිහිටුවන ලදී. එම ආයතනය හරහා පසුගිය යුධ වාතාවරණයේදී සිදුවූ මානව හිමිකම් කඩවීමේ සිදුවීම් වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ආමන්ත‍්‍රණය කිරීම වත්මන් රජයේ වැඩපිළිවෙල වේ. ඒ අනුව අතුරුදන් වූවන් වෙනුවෙන් කාර්යාලය, සත්‍ය සෙවීමේ කොමිසම, වගවීමේ යාන්ත‍්‍රණය සහ වින්දිත සහන කාර්යාලය යන ආයතන සහ ක‍්‍රියාවලීන් බලගැන්වීම හා සම්බන්ධීකරණය සංහි`දියා යාන්ත‍්‍රණය සම්බන්ධීකරණ මහලේකම්කාර්යාලය හරහා සම්බන්ධීකරණය වෙමින් පවතී.

   සංක‍්‍රාන්තක යුක්තිය යනු අතීතයේදී සිදුවූ මහාපරිමාණ මානවහිමිකම් කඩවීමේ සිදුවීමක්් අධිකරණ සහ අධිකරණමය නොවන මාර්ග ඔස්සේ ආමන්ත‍්‍රණය කළ නොහැකි අවස්ථාවලදී ඒවා ඇමතීම සදහා ගන්නා වූ උත්සාහයන් ලෙස සරලව දැක්විය හැකිය. මෙම සංකල්පයේ අදහස ඇතැම් අවස්ථාවලදී මතභේදයන්ට පවා තුඩු දී
ඇත්තේ එහි අර්ථය සම්බන්ධයෙන් සරල අදහසක් නොමැති බැවිනි. ඇතැමෙක් මෙය දුර්වල සංකල්පයක් ලෙස වරදවා වටහා ගත හැකිය. මන්ද යත් එය නෛතික විසදුමකින් ඔබ්බට ගිය ආමන්ත‍්‍රණයක් වන බැවිනි. සංක‍්‍රාන්තික යුක්තිය සංකල්පයේ සංක‍්‍රාන්තිය නම් වචනයේ වචනාර්ථය නම් මහා පරිමාණ මානව හිමිකම් කඩවූ සන්දර්භයක සිට සාමය හා ප‍්‍රජාත‍්‍රන්තවාදය කරා ගමන් කිරීම යන්නයි. යුක්තිය යනු අතීතයේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් යම් එක`ගතාවයකට පැමිණීමට සමාජය දරනු ලබන වෑයම යන්නයි.

   සංක‍්‍රාන්තික යුක්ති සංකල්පය අතීතයේ සිදුවූ මානව හිමිකම් සමාජය හමුවේ තැබීමට හිමිවන්නාවූ විරල අවස්ථාවක් ලෙස හැ`දින්විය හැකිය. මේ සංකල්පය මූලික කරගනිමින් සත්‍ය සෙවීමේ කොමිසම, අතුරුදන් වූවන් සෙවීමේ කොමිසම, වැනි ආයතන පිහිටුවිය හැකි සේම අදාළ සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් පුනරුත්ථාපනය සදහා යොමු කිරීමද කළ හැකිය. යම් යම් ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීමද මේ යටතේ ගත හැකි තවත් එක් පියවරකි. වත්මන් රජය විසින් පශ්චාත් යුධ කළමණාකරණය සමබන්ධයෙන් ගන්නා ලද පියවර අතර උක්ත ආයතන පිහිටුවීමට ගන්නා ලද තීරණ කැපී පෙනෙයි.

   පශ්චාත් යුධමය වාතාවරණයක් ගතකරමින් සිටින ඕනෑම රටක මහා පරිමාණයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් යම් යම් සිදුවීම් කරලියට ඒම සාමාන්‍ය සිදුවීමකි. සිදුවූයේ කුමක්ද යන්න පිළිබදවත් ඒ සදහා වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබදවත් එකිනෙකාට ඇත්තේ වෙනස්ම වූ මතයන්ය. අතීතයේ සිදුවූ එම සිදුවීම් මගහැරීමට හැකියාවක් තිබුණිද යන්න පිළිබ`දවද ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි. ඇතැම් විට මේ පිළිබ`ද එකිනෙකා දරන අදහස් වෛරී, බෙදීම සහ ක්‍රෝධය සම`ගද ගණුදෙනු කරන අවස්ථා නැතිවාම නොවේ.

   පශ්චාත් යුධ වාතාවරණය කළමනාකරණය කිරීමේදී රජයකට දැරීමට සිදුවන්නා වූ දහසකුත් එකක් අභියෝග හමුවේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ චෝදනා ජය ගැනීමද ප‍්‍රධානතම අභියෝගයකි. ඒවාට මුහුණදීමේදී ඒවා කළමනාකරණයේදී යුද්ධයේ ගොදුරු බවට පත්වූ සෑම පාර්ශවයකටම සාධාරණ වන අයුරින් එම චෝදනා කළමනාකරණය කිරීමද අතිශය වැදගත් කාරණයකි. එවන් ගැටලූ සම්බන්ධයෙන් රජයක් වශයෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානයද නිතැතින් යොමුවේ. එම නිසා එවන් අභියෝග සාර්ථකව ජයගැනීම සදහා සංක‍්‍රාන්තික යුක්තිය වැනි සංකල්ප යොදා ගැනීම වඩාත් ප‍්‍රායෝගික වනු ඇත.

   ශ‍්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් වසර 30 කට අධික කාලයක් පුරා පැවති යුද්ධය 2009 වසරේදී නිමාවට පත්වීමත් සම`ග විවිධාකරයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධ පුවත් අසන්නට ලැබිණ. මින් එකක් වූයේ එම කාලය තුළ යුධ අපරාධ සිදුවූවාද නොවූවාද යන්න සම්බන්ධයෙන් ජාත්‍යනත්රය ප‍්‍රශ්න කිරීමයි. විවිධ පාර්ශව විසින් නොයෙකුත් පටු අරමුණු උදෙසා පවා අතිශය සංවේදී කාරණා භාවිතයට ගත් අවස්ථාවක් බවට පශ්චාත් යුධ සමය පත්විය. නමුත් මානව හිමිකම් යනු මොනවාද, යුධ අපරාධ යනු මොනවාද යන්න පිළිබ`දව පවා සමාජයේ බොහෝ දෙනා අතර ඇත්තේ අනවබෝධයකි.

    මානව හිමිකම් යනු මිනිසෙකුට මිනිසෙකු ලෙස ජීවත්වීමට ඇති අයිතිය ලෙස සරලව හැ`දින්විය හැකිය. මෙම අයිතිවාසිකම් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන්ද පිළිගත් අයිතිවාසිකම් වේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු නැවත එවන් බිහිසුණු යුධ තත්ත්වයක් ඇති නොවීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවන ලදී. මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන ප‍්‍රබලතම සංවිධානය එම සංවිධානයයි.

   උතුරු නැගෙනහිර යුධ සමයේ සිදුවූ බවට විශ්වාස කෙරෙන මානව හිමිකම් කඩවීමේ සිදුවීම් අතර යුධ අපරාධ සිදුවූ බවටද විවිධ පාර්ශව විසින් චෝදනා එල්ල විය. නමුදු යුධ අපරාධ යනු මොනවාද යන්න පිළිබ`ද බොහෝ දෙනාට ඇත්තේ වැරදි වැටහීමකි. මේ නිසාම යුධ සමයේ සිදුවූ සියල්ල යුධ අපරාධ ගණයෙහි ලා සැළකීම නිසා අනවශ්‍ය ගැටුම් පවා ඇතිවූ අවස්ථා විරල නැත. ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝණය කරමින් සිදු වන්නා වූ අපරාධ යුධ අපරාධ ලෙස සලකනු ලබයි. සිවිල් වැසියන් ඝාතනය, ප‍්‍රාණ ඇපයට ගැනීම, ලිංගික හිංසන, ළමා සොල්දාදුවන් බ`දවා ගැනීම ආදී සිවිල් වැසියන්ට එරෙහිව ක‍්‍රියාත්මක වූ අපරාධ මේ ගණයට අයත් වේ. මේවා බරපතල මානව හිමිකම් කඩකිරීම්ය.

   පටු දේශපාලන අරමුණු සදහාත්, වෛරී අරමුණු ජය ගැනීම සදහාත් ඉකුත් යුධ සමයේ සිදුවීම් විවිධ පාර්ශව විසින් යොදා ගන්නා පසුබිමක් තුළ යුක්තිය ඉටු කිරීම ලේසි පහසු නැත. එවන් පසුබිමක් තුළ සංක‍්‍රාන්තික යුක්ති සංකල්පය එ තත්ත්වයන් ආමන්ත‍්‍රණය කිරීමට යොදාගැනීමද එක්තරා අභියෝගයකි.

   සංක‍්‍රාන්තික යුක්තිය යන සංකල්පය ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක්වූ සංකල්පයකි. වර්තමානයේ එම සංකල්පය ශ‍්‍රාස්ත‍්‍රීය මෙන්ම නීති අංශයේ වැඩි අවධානය ලක්ව ඇත. දියුණු රටවල ප‍්‍රතිපත්ති සම්පාදනයේදීද මෙම සංකල්පය සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් දක්වයි. මේ පිළිබද මූලින්ම කතිකාවට ලක්වන්නේ දෙවන ලෝක යුද්ධ සමයේදීයි. එම කාලයේ ජර්මනියේ සිටි ඒකාධිපති පාලක හිට්ලර් මෙහෙයවූ නාසි හමුදාව විසින් යුදෙව්වන් මහාපරිමාණයෙන් අමානුෂිකව ඝාතනය කිරීම වැනි කාරණා පිළිබ`දව පසුකලෙක මහත් විරෝධාකල්ප සමාජයේ මතුවිය. එහිදී චෝදනා ලද යුධ සෙබලූන් පිළිබ`ද සමාජයේ විවිධ මති මතාන්තර බිහිවිය. එහිදී කරළියට පැමිණි සංකල්ප අතර සංක‍්‍රාන්තික යුක්තිය සංකල්පය මූලික සංකල්පයක් වූ අතර එය මුලින්ම ලෝකයේ අවධානයට ලක්වූ අවස්ථාවද එය වේ.

   සංක‍්‍රාන්තික යුක්ති සංකල්පය ක‍්‍රියාවට නැංවීමේ ප‍්‍රතිඵල වන්නේ එමගින් දැනට යම් මානව හිමිකම් කඩවීමේ සිදුවීම් ක‍්‍රියාත්මක වේ නම් ඒවා නැවැත්වීමට ඇති හැකියාවයි. එසේම අතීත මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පුළුල් ලෙස විමර්ෂණය කිරීමද මෙහි තවත් එක් ප‍්‍රතිඵලයකි. මානව හිමිකම් කඩවීම් ස`දහා වගකිව යුතු පාර්ශව හදුනාගැනීම සහ හැකියාවක් ඇත්නම් ඔවුන්ට සම්බාධක පැනවීම මෙහි තවත් එක් පියවරකි. ආරක්ෂක අංශයේ ප‍්‍රතිසංස්කරණ සහ සාමය සංහි`දියාව ව්‍යාප්ත කිරීමද සංක‍්‍රාන්තික යුක්තිය යටතේ සිදු කරනු ලබයි. වින්දිතයන් ඇතුළු පාර්ශව පුනරුත්ථාපනයට යොමු කිරීමද මේ යටතේ සිදු කළ හැකිය.

   සංක‍්‍රාන්තික යුක්තිය යටතේ පිහිටුවන ලබන සත්‍ය සෙවීමේ කොමිසමේදී සිදුවන්නේ මහාපරිමාණ මානව හිමිකම් කඩවීමේ සිදුවීමක විපතට පත්වූවන්ට හා සාක්ෂිකරුවන්ට තම තොරතුරු ඉදිරිපත්කිරීමට අවකාශය ලබාදීමයි. පුළුල් ලෙස පැතිර පැවති ගැටුම්කාරී වාතාවරණයක් තුළ සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීමේ අභියෝගය යම්තාක් දුරකට හෝ ජයගැනීමේ උත්සාහයක් ලෙස මෙම සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම හැ`දින්විය හැකිය. දේශීය හෝ ජාත්‍යන්තර වශයෙන් පිහිටුවන සත්‍ය සෙවීමේ කොමිසමක් අධිකරණමය නොවන හෝ අර්ධ අධිකරණමය නොවන ලෙස ස්ථාපිත කළ හැකිය. එහිදී හෙළිදරව් වන කරුණු වාර්තාවක් ලෙස සකස්කර යෝජනා ඉදරිපත්කිරීමට අවස්ථාව ලබාදෙයි. සත්‍ය සෙවීමේ කොමිසමක අරමුණ වන්නේ නැවත එවන් සිදුවීම් සිදුනොවීමට පියවර ගැනීම හා සමාජය දැනුම්වත් කිරීමයි.

   සංක‍්‍රාන්තික යුක්තය යටතේ ආයතන ප‍්‍රතිසංස්කරණය කිරීමද සිදුකරනු ලබයි. නීති පද්ධති, අධිකරණයේ ස්වාධීනත්වය යන අංශ වල අවශ්‍ය වෙනස්කම් කිරීම මෙන්ම පාසල් විෂය නිර්දේශයන් වල අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම ඇතුළත් වේ. එසේම මාධ්‍ය භූමිකාව පිළිබදවද මෙහිදී විශේෂ අවධානයක් දැක්විය යුතුය. විපතට පත්වූ පාර්ශවයන් පුනරුත්ථාපනයද සංක‍්‍රාන්තික යුක්්ති සංකල්පය යටතේ සිදුකෙරෙන තවත් එක් විසදුමකි. විපතට පත්වූවන්ට වන්දි ප‍්‍රධානය කිරීමද ඒ යටතේ

   සිදු කළ හැකිය. යුද්ධය අවසන් වූදා පටන් මේ දක්වා විපතට පත් ජනතාව හා ප‍්‍රදේශ නගා සිටුවීමට රජය විසින් විශාල වූ ප‍්‍රයත්නයක් දරමින් සිටී. මෙලස රජය විසින් වන්දි ගෙවීමද ඇතැමෙක් වරදවා වටහාගන්නා අවස්ථා ඇත. මන්ද යත් සාමාන්‍ය පරිදී යම් ගැටුමක් අවසානයේ එයට වගකිව යුතු පාර්ශවය විසින් වන්දි ගෙවීම සාමාන්‍ය සම්ප‍්‍රදාය වන බැවිනි. නමුත් රජය විසින් එලෙස වන්දි ලබාදෙනුයේ රජය එහි වගකිවයුතු පාර්ශවය නිසා නොව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අනුව යම් හානියක් සදහා වගකිවයුතු පාර්ශවය වන්දි නොගෙවන අවස්ථාවලදී රජය ඒ සදහා මැදිහත්විය යුතු බව දක්වා ඇති නිසාය.

   මෙලෙස විවිධ වූ ප‍්‍රවේශ යටත් වත්මන් රජය විසින් පසුගිය යුධ සමයේ සිදුවන ලද මානව හිමිකම් කඩවීම් ආමන්ත‍්‍රණය කරමින් සිටී. විවිධ ජාතීන්ට හා ආගම් වලට අයත් විවිධ වූ මතවාද, විශ්වාස පදනම් කරගත් ජනකොටස් වල එකතුවකින් සැදුණ සමාජයක් එලෙස යළි නගා සිටුවීම අති දුෂ්කර කර්තව්‍යකි.

   පසුගිය යුධ වාතාවරණයේදී සිදු වූ සිදුවීම් පිළිබද ඒ අනුව එකිනෙකාට ඇත්තේ විවිධ වූ දෘෂ්ඨිකෝණයන්ය. මේ ජනකොටස් අතර යුධ සමයේ සිය දරුවන්, මව, පියා සහෝදර සහෝදරියන් අහිමි වූ පිරිස් තවමන් ඒ අමිහිරි මතකයේ වේදනාවන් අතපත ගාමින් සිටී. ඔවුනට අතීතයේ මුහුණපෑ කටුක සිදුවීම් අමතක කොට අනාගතයට මුහුණදෙමු යැයි කීමටද නොහැක. මන්දයත් ඒවා ඔවුන්ගේ ජීවිතය හා බද්ධ මරණයෙන් මිස කෙලවර නොවන මතකයන් වන බැවිනි. මෙවන් වාතාවරණයක් තුළ මිනිස් හදවත් ආමන්ත‍්‍රණය කළ හැක්කේ ඉතා සාධාරණ වූත් මානුෂීය වූත් ක‍්‍රමවේදයක් ඔස්සේම පමණි. එනම් සංක‍්‍රාන්තික යුක්තිය වැනි සංකල්පයකින්ම පමණි. එවන් සංකල්ප එකම එටක් එකම ජාතියක් ලෙස නැගී සිටීමට ම`ග පෙන්වනවා ඇත. එසේම එයම අනාගත සංහිදියාවේත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත සමාජයකත් සාම මාවත වනු ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න