Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 
තැලසීමියා රෝගයෙන් පෙලෙන දියණියගේ ජීවිතය බේරාගැනීමට පිහිට වන්න
 
පියාගේ දුරකථන අංකය : 094 72 350 40 47
මවගේ දුරකථන අංකය  : 094 72 4372 367
ජාතික ඉතිරි කිරීම් ගිණුම් අංක : 1000 722 19 808
ජාතික ඉතිරිකිරීම් බැංකුව , කුලියාපිටිය

වයස අවුරුදු 13 ක් වන කේ. ආර්. නෙත්මි හිරන්‍යා රොද්‍රිගු වන දියණිය ඉපදී මාස දෙක හමාරක සිට තැලිසීමියා රෝගයෙන් පෙලෙන අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජාතික තැලිසීමියා මධ්‍යස්ථානයේ තැල් . අංක 459 යටතේ මාස්පතා රුධිරය ලබාදෙමින් ප්‍රතිකාර කරනු ලබයි. ඒ සමගම විවිධ පරීක්ෂණ වලටද මුහුණ දෙනු ලබයි. 

මෙම දියණිය දැනට කුලී/ සුරදුත බාලිකා විදුහලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර අංක 1141 දරණ බරිගොඩ ග්‍රාම නිලදාරී වසමේ නිවාස අංක 556/2 යටතේ බරිගොඩ , නක්කාවත්ත , කුලියාපිටිය ලිපිනයේ පදිංචි කේ. ආර් . ඩේවිඩ් (ජාතික හැදුනුම්පත් අංක : 672751764V ) දරුවාගේ පියා දැනට කුරුණෑගල මල්කඩුවාව කතෝලික රදගුරු මැදුරේ අනුනායක හිමිගේ රියදුරෙකු ලෙස සේවය කරයි. වයස මාස දෙක හමාරේ සිට මේ දක්වාම මෙම දරුවාට අකණ්ඩව ප්‍රතිකාර කරමින් දැඩි පීඩා මධ්‍යයේ දරුවාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට මෙම දෙමාපිය දෙපලට හැකියාව ලැබී ඇත.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැලිසීමියා ඒකකයේදී ප්‍රතිකාර කිරීම සදහා විශාල මුදලක් වැය නොවුනද වරින්වර සිදුකරන පිටස්තර ප්‍රතිකාර වෙනුවෙන් විශාල මුදලක් දැරීමට දෙමාපියන්ට සිදුව ඇත.

මේ අනුව මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍ය කාලිංග නානායක්කාර මහතාගේ පුර්ණ මැදිහත්වීම මත මෙම රෝගය නිට්ටාවටම සුවකළ හැකි ඇටමිදුළු බද්ධ කිරීමේ ප්‍රතිකාරය හදුනාගන ඇති අතර ඒ සදහා රුපියල් ලක්ෂ 60 ත් 70 ත් අතර මුදලක් වැය වන බව ගණන් බලා ඇත.

මෙම ඇට මිදුළු බද්ධ කිරීම දරුවාට ගැලපෙන ජාන ලාභියකු ලංකාවේ සිටිනම් රුපියල් ලක්ෂ 40 ත් 50 ත් අතර මුදලකින් සිදුකල හැකි බව පැවසුවද ලංකාව තුල ජාන බැංකුවක් නොමැති හෙයින් ජන ලාභියකු තොර ගැනීමට විශාල මුදලක් වැයවේ.

මේ අනුව දෙමාපියන් විසින් නවලෝක රෝහල ආධාර කරගනිමින් ඉන්දියාවේ ජාන බැංකුවක් වෙත දරුවාගේ ජාන යොමුකර ජාන ගැලපෙන ප්‍රධානියකු සොයා ගැනීමට කටයුතු කරන ලදී.
 

දැනට ඉතිරිව ඇත්තේ දරුවා ඉතාමත් ඉක්මනින් ඉන්දියාවට රැගෙනගොස් ජාන බද්ධය සිදුකරගැනීම පමණි. පියාගේ රැකියාව හැරුණකොට මෙම අසරණ දෙමව් පියන්ට වෙනත් අදායම් මාර්ගයක් නොමැත. ඇති එකම සම්පත එකම දරුවාම පමණි.

පිං කැමති සියළු රටවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම අසරණ දරුවා සනීප කර ගැනීම සදහා ඔබට හැකි අයුරින් මෙම දෙමව් පියන්ට උපකාර කරන ලෙසයි .








www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න