පළමුවරට ලෝක කුසලාන පාපන්දු තරග විනිශ්චයට කාන්තාවන් තිදෙනෙක්
2022-11-20 15:29:07- Page Views : 1187
22වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට කණ්ඩායම් 32ක් සහභාගී වන අතර තරගාවලියේ සමාරම්භක තරගය, සත්කාරක කටාර් රාජ්‍යය සහ ඉක්වදෝරය අතර අද රාත්‍රී 08.30ට පැවැත්වීමට නියමිතය.
කාණ්ඩ 08ක් යටතේ දින 28ක් පුරා තරග පැවැත්වේ.
තරගාවලිය සඳහා ක්‍රීඩාංගන 08ක් වෙන්කර ඇති අතර ඒ අතරට ප්‍රවාහනය කළ හැකි ලොව ප්‍රථම පාපන්දු ක්‍රීඩාංගනය ද ඇතුළත් වේ.
මෙවර තරගාවලියේදී ක්‍රීඩාංගන තුළ මත්පැන් පානය කිරීම තහනම් කිරීමට තීරණය කිරීම විශේෂත්වයකි.
එමෙන්ම තරග තීරකවරියන් තිදෙනෙකු පළමු වරට තරගාවලිය සඳහා සහභාගී වීම ද කැපී පෙනෙන බව වාර්තා විය.