කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක්
2022 December 08- Page Views : 1188
2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (07) පැවැති තරගය කඩුලු 5කින් ජය ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්විය.ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත්කරමිනි.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදිමටය.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 121ක් රැස්කළේය.
ගෝල් කණ්ඩායම වෙනුවෙන් මොවින් සුබසිංහ ලකුණු 40ක් රැස්කළ අතර Imad Wasim ලකුණු 34ක් රැස්කළේය. පන්දු යැවීමේදී Carlos Brathwaite කඩුලු 4ක් දවාගැනීමට සමත්විය. Zahoor Khan කඩුලු 2ක් දවාගත්තේය.
ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 122, පන්දු ඕවර 15කදී ලබා ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණි. එහිදී ඔවුන්ගේ කඩුලු 5ක් දැවී ගියේය.