ඉන්දු - ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමේ ඉන්දීය සංචිතය නම් කෙරේ
2022 December 28- Page Views : 1187
ජනවාරි 03 වනදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරම්භවීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ පන්දුවාර විස්සයි 20 ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යා වෙත හිමිවී තිබේ.
කණ්ඩායමේ උප නායකත්වය හිමිවී ඇත්තේ සූර්යකුමාර් යාදව්ට ය.
ඒ අනුව පන්දුවාර 20 හා එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ද එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
මේ අතර සුපිරි පිතිකරු විරාත් කෝලි ද ඉන්දීය විස්සයි 20 කණ්ඩායමට ඇතුළත් වී නොමැත.
ඉන්දීය පිතිකරු ශිකර් ධවාන් ද එක්දින සංචිතයට ඇතුළත්වී නොමැති අතර රිෂාබ් පාන්ට් ට සංචිත දෙකම අහිමිවී ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.