රොනාල්ඩෝ සෞදි අල් නසාර් ක්‍රීඩා සමාජය සමග එක්වෙයි
2023 January 01- Page Views : 1187
පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගතවී තිබේ.
2025 වසර දක්වා ඔහු එම ක්‍රීඩා සමාජය සමග මෙලෙස ගිවිසුම්ගතවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 177ක වාර්ෂික වැටුපක් හිමිවන අතර එය පාපන්දු ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට හිමිවන වැඩිම වැටුපද වෙයි.