WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියාවට පහසු ජයක්

2023 January 08- Page Views : 1187

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය පහසුවෙන් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි.

ලකුණු 229ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 137කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.

රාජ්කොට් හි පැවති තරගය ඒ අනුව ලකුණු 91කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වූයේ තරගාවලිය 2-1ක් ලෙස ජය ගනිමිනි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 228ක් රැස් කළේය.

සූර්යකුමාර් යාදව් නොදැවී ලකුණු 112යි.