WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

19න් පහළ බාලිකා ලෝක කුසලානය:ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට ජය

2023 January 19- Page Views : 1187

වයස අවුරුදු 19න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඔස්ට්‍රේලියාව (18) ජය ගත්තේ ය.කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට දෙවැනි වටයට සුදුසුකම් ලබා අවසන්.

දකුණු අප්‍රිකාවේ, බිනෝහි දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 159කි.

එලා හාවඩ් ලකුණු 36ක් ලබා ගැනීමට සමත් විය.

රිශ්මි සංජානා කඩුලු 2ක් දවා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩාමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 51ක් පමණි.

නෙත්මි සේනාරත්න ලකුණු 11ක් රැස් කළාය.

මැගී ක්ලාර්ක් සහ ලකී හැමිල්ටන් අතර කඩුලු 2 බැගින් බෙදී ගිය අතර ඒ අනුව ඔස්ට්‍රේලියා බාලිකා කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 108කිනි.

මෙම තරගය පරාජය වුවද, තරගාවලියේ මූලික වටයේ A කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වීම නිසා දෙවැනි වටයේ ස්ථානය තහවුරු කරගෙන තිබේ.