යොවුන් කාන්තා විස්සයි විස්ස අවසන් ගැටුම පස්වරුවේ
2023 January 29- Page Views : 1187
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන යොවුන් කාන්තා පන්දු වාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහ තරගය ඉන්දියාව සහ එංගලන්තය අතර අද (29) පැවැත්වෙනවා.
මෙරට වේලාවෙන් දකුණු අප්‍රිකාවේ පොචෙස්ට්රූම් හිදි ආරම්භවන්නේ පස්වරු 5.15 යි.
තරගාවලියේ සුපර් සික්ස් වටයේ පැවති තරගවලදී එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම ඔවුන් මුහුණදුන් තරග 4 ම ජයගෙන ඇති අතර, ඉන්දීය යොවුන් කාන්තා කණ්ඩායම තරග හතරකට මුහුණදී ඉන් තරග 3 ක් පමණක් ජයගෙන තිබෙනවා.