IPL ප්‍රබලයින් දෙදෙනෙක්ට ලොකු දඩයක්
2023 May 02- Page Views : 1187
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (01) පැවති තරගයකින් අනතුරුව ඉන්දීය හිටපු නායක විරාත් කෝලි සහ හිටපු ක්‍රීඩකයෙක් වන ගෞතම් ගම්බීර් අතර ක්‍රිකට් පිටියේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණි.
ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ තරග ගෙවීම් සම්පූර්ණයෙන් කපා හැරීමට බලධාරීන් තීරණය කළේය.
ලක්නව් සුපර් ජයන්ට්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවති එම තරගයෙන් RCB කණ්ඩායම ලකුණු 18කින් ජයගත්තේය.
තරගයෙන් අනතුරුව කෝලි සහ ගම්බීර් එකිනෙකාට බැන ගන්නා ආකාරය දැකගත හැකිවිය.
ක්‍රීඩකයින් මැදිහත්වී තත්ත්වය සමනය කළ ද එම සිදුවීම දැක්වෙන වීඩියෝ මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
ගම්බීර්, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස කටයුතු කරයි.