යුපුන් අබේකෝන් ට සුපිරි ජයක්
2023 May 08- Page Views : 1187
2023 තරග වාරය සඳහා සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් විය.
ඒ, ඔහු මේ වසරේ සහභාගිවූ පළමු ධාවන තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගනිමිනි.
ඉතාලියේදී ඊයේ (07) පැවති ''FIRENZE SPRINT FESTIVAL'' ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්ව සඳහා ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගි විය.
එම ඉසව්වේදී යුපුන් අබේකෝන් පස්වන මංතීරුවේ තරග වැදුණු අතර ආරම්භයේ සිටම සාර්ථකව ධාවනයේ යෙදුණු යුපුන් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය.
ඒ සඳහා ඔහුට තත්පර 20.60ක කාලයක් ගතවිය.