IPL පිටිය උඩුයටිකුරු කළ ප්‍රහාරය
2023 May 12- Page Views : 1873
IPL තරග ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යශාස්වි ජයිස්වාල් සමත්විය.
ඔහු පන්දු 13කදී ලකුණු 50ක් ලබාගත් අතර සිය ඉනිම තුළ පන්දු 47 කදී නොදැවී ලකුණු 98ක් ලබාගැනීමට සමත්විය.
යශාස්වි සුපිරි ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 12 ඇතුළත් විය.
මීට පෙර කේ.එල් රාහුල් සහ පැට් කමින්ස් පන්දු 14කදී ලකුණු 50 ලබාගනිමින් වේගවත්ම අර්ධ ශතකයට හිමි සම වාර්තාව හිමිකරගෙන තිබුණි.
ඊයේ පැවැති තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුළු 08ක් දැවී ලකුණු 149ක් ලබාගත්තේය.
රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 13යි එක් පන්දුවකදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය ලබාගැනීමට සමත්විය.