ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ඉලක්කයක්
2023 June 04- Page Views : 1873
ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 323ක් රැස්කරගැනීමට සමත්විය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 75කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමග ලකුණු 78ක් රැස්කරගැනීමට සමත්විය.
පැතුම් නිස්සංක ලකුණු 43ක්, දිමුත් කරුණාරත්න ලකුණු 52ක්, සධීර සමරවික්‍රම ලකුණු 44ක් බැගින් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.
Fareed Ahmad සහ Mohammad Nabi ඇෆ්ගනිස්තානය වෙනුවෙන් කඩුලු 2 බැගින් දවාගත්තේය.