WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාසල් රග්බි වසන්තය 14 ඇරඹෙයි

2023 June 10- Page Views : 1187

අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ලබන 14 වනදා ආරම්භ වීමට නියමිතය.

එහි කුසලානය එළි දැක්වීම හා කණ්ඩායම් හඳුන්වාදීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉකුත්දා සිදුකෙරුණි.

කොවිඩ් වසංගතයෙන් පසු පූර්ණ තරගාවලියක් මෙලෙස ආරම්භ වන්නේ පළමු වරටය.

තරගාවලිය කාණ්ඩ 3ක් යටතේ පැවැත්වෙන අතර පළමු තරගය මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර ලබන 14 වනදා මහනුවර බෝගම්බර පිටියේ දී පැවැත්වෙයි.

කාණ්ඩ 3ට පාසල් 12 බැගින් ඇතුළත්ව සිටින අතර ඒ කාණ්ඩයට ඇතුළත්ව සිටින්නේ ප්‍රමුඛ පාසල්ය.