ආසියානු කුසලානයේ සත්කාරකත්ව ගැන තීරණයක්
2023 June 11- Page Views : 1875
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.
ඒ, සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සිදුකර ඇති යෝජනාවට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව, තරගාවලියේ තරග 13න් 04ක් හෝ 05ක් පාකිස්තානයේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වන සියලු තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් තරගාවලිය සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය සිය අවසන් තීරණය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරනු ඇති බව ද වාර්තා වෙයි.
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් ඊට බාධා එල්ලවුණි.