ශුබ්මන් ගිල් ට දඩ ගසයි
2023 June 12- Page Views : 1876
පසුගිය දා නිමාවූ ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගයේදී තම දැවීයෑම සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් කළ කළ ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් ට දඩයක් ගැසීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවරගෙන තිබේ.
ඒ අනුව ඔහුගේ තරග මුදලෙන් 15%ක් දඩයක් ලෙස අය කිරීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇත.
ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 209කින් ජයග්‍රහණය කළේය.
එහි සිව්වන දිනයේදී ශුබ්මන් ගිල් කැමරන් ග්‍රීන් ලබාගත් උඩපන්දුවක් හේතුවෙන් දැවීගිය අතර එම උඩපන්දුව සම්බන්ධයෙන් ශුබ්මන් ගිල් විවේචනාත්ම අදහස් පළකර තිබුණි.
මෙම තරගයේ නියමිත කාලය තුළදී නියමිත පන්දු ඕවර ගණන නොයැවීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම දඩ නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබුණි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට තරග මුදලෙන් 100%ක දඩයක්ද ඔස්ට්‍රේලියානු කණ්ඩායමට 80%ක දඩයක්ද ගෙවීමට සිදුවෙයි.
මෙම දඩය හේතුවෙන් ශුබ්මන් ගිල්ට ගෙවීමට සිදුව ඇති සම්පූර්ණ දඩය තරග මුදලින් 115%කි.