පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්
2023 June 14- Page Views : 1874
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු පුහුණු තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 45යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 214ක් රැස්කරගනීමට සමත්විය.
එහිදී නෙදර්ලන්තය වෙනුවෙන් Saqib Zulfiqar ලකුණු 56ක් රැස්කරගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 3ක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ සහ ධනංජය ද සිල්වා කඩුලු 2ක් බැගින් දවාගැනීමට සමත්විය.
ලහිරු කුමාර, මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් දවාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 47ක් රැස්කරගත අතර චරිත් අසලංක ලකුණු 29ක් රැස්කරගත්තේය.
එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ලකුණු 67ක් රැස්කරගනිමින් නොදැවී කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත්විය.
ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37යි පන්දු 1ක් තුළදී කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්විය.