බටහිර ඉන්දීය කොදෙව්වන්ට තීරණාත්මක තරගයක්
2023 June 26- Page Views : 1187
2023 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග දෙකක් අද (26) පැවැත්වෙයි.
බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තය අතර තරගය හරාරේ හි පැවැත්වෙන අතර එම තරගයේ කාසිය වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
කොදෙව් කණ්ඩායම මීට පෙර ඔවුන් සහභාගී වූ සිම්බාබ්වේ තරගය පරාජය වූ බැවින් 6 දෙනාගේ වටයට රැගෙන යන ප්‍රසාද ලකුණු හේතුවෙන් ඔවුන්ට මෙම තරගය ජයගැනීම වැදගත්ය.
අද දිනයේ පැවැත්වෙන දෙවැනි තරගය අමෙරිකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙයි.
ඉන් කාසියේ වාසිය දිනූ අමෙරිකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.