පදක්කම් දිනූ මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට
2023 July 18- Page Views : 1876
25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ (17) රාත්‍රී දිවයිනට පැමිණි එම පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය, මලල ක්‍රීඩා සංගමය ඇතුළු ආයතනවල නිලධාරීන් මෙන්ම පාසල්වල ගුරු සිසු පිරිසක්ද සහභාගී වූ බව "අද දෙරණ" ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම එම තරගාවලියේදී රන් පදක්කම් 03ක් රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03ක් සමගින් සමස්ත ලකුණු සටහනේ සිව්වන ස්ථානය දිනාගැනීමට සමත්වුණි.