ක්‍රිකට් තරග දෙකක් කොළඹ දී
2023 July 21- Page Views : 1877
ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් අතර එක් දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ පාකිස්තාන ඒ කණ්ඩායම අතර අවසන් පූර්ව තරගය මේ වන විට කොළඹදී පැවැත්වෙමින් තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන ඒ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඒ අනුව පාකිස්තාන කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්දුවාර 11ක් අවසානයේ කඩුලු 1ක් බිදවැටී ලකුණු 58ක් ලබා සිටියේය.
ලකුණු 12ක් ලබා සිටි සහිබ්සාඩා ෆර්හාන්ගේ කඩුල්ල ලබාගත්තේ, ළහිෘ සමරකෝන් විසිනි.
අද (21) අනෙක් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ, බංගලාදේශ හා ඉන්දියා ඒ කණ්ඩායම් අතරයි.