WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාකිස්තාන කඩුලු රකින්නාට ටෙස්ට් තරගය අහිමිවෙයි

2023 July 26- Page Views : 1878

පන්දුව හිසේ වැදීම හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඩ් ට ශ්‍රී ලංකා - පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

ඔහු පන්දුවට පහරදෙමින් සිටියදී අසිත ප්‍රනාන්දු යැවූ බවුන්සර් පන්දුවක් ඔහුගේ හිසේ වැදුණු අතර ඉන් මොහොතකට පසු වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා ඔහු පිටියෙන් ඉවත් වුණි.

ඒ අනුව ඔහු වෙනුවට මොහොමඩ් රිස්වාන් "Concussion Sub" ලෙස මෙම තරගයට යෙදවීමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් කළ ඉල්ලීමට තරග තීරක ඩේවිඩ් බූන් එකඟ වී තිබේ.

ඒ අනුව ඔහුට මෙම තරගයේදී පාකිස්තානය වෙනුවෙන් කඩුලු රැකීමට සහ පන්දුවට පහරදීමේ අවස්ථාව රිස්වාන් ට හිමිවෙයි.