ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට
2023 August 29- Page Views : 1187
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (30) ආරම්භ වීමට නියමිතය.
තරගාවලිය සඳහා "ඒ" කාණ්ඩය යටතේ ඉන්දියාව, නේපාලය සහ පකිස්ථානය සහභාගී වන අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, සහ ශ්‍රී ලංකාව "බී" කාණ්ඩය යටතේ සහභාගී වේ.
පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ දී තරගාවලිය පැවැත්වීමට නියමිතය.
පළමු තරගය හෙට පකිස්තානය සහ නේපාලය අතර දිවා රාත්‍රී තරගයක් ලෙස පාකිස්තානයේ මුල්තාන්හි දී පැවැත් වේ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අනිද්දා පල්ලෙකැලේ ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතය.
සෙසු කණ්ඩායම් පහේම ක්‍රීඩක සංචිත නම්කර ඇති අතර ශ්‍රී ලංකා සංචිතය මේ දක්වා නම් කර නොමැති බව වාර්තා වේ.