කුන්ෆු ශූරතා තරගාවලියෙන් පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
2023 August 29- Page Views : 219
09 වන ලෝක කුන්ෆු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (28) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා.
මෙම තරගාවලිය පසුගිය 22 වන දා සිට 27 වන දා දක්වා චීනයේ, එමිෂාන් නුවර පැවති අතර ඊට රටවල් 154 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6,000 කට අධික පිරිසක් එක්ව සිටියා.
ශ්‍රී ලාංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට මෙහිදී රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 06 දිනා ගැනීමට හැකි වුණා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර කුන්ෆු ශූරතා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු එක්ව සිටියා.