WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බංග්ලාදේශය ලකුණු 89 කින් ඇෆ්ගනිස්ථානය පරදවයි

2023 September 04- Page Views : 219

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සිවුවැනි තරගය ලෙස ලාහෝර්හිදී අද (3) පැවැති තරගයේදී (දිවා/රාත්‍රී) බංග්ලාදේශ පිල ලකුණු 89 කින් ඇෆ්ගනිස්තානය පරාජය කිරීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 335 ක ඉලකක්ය හඹාගිය ඇෆ්ගනිස්තාන් පිල ඕවර 44.3 කදී ලකුණු 245 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

බංග්ලාදේශ පිල ඕවර 50 යේදී කඩුලු 5 ට 334 (මොහොමඩ් නයීම් 28, මෙහෙදි හසන් මිරාෂ් 112, නජ්මුල් හුසේන් සන්ටෝ 104, ) ශකීබ් අල් හසන් නොදැවී 32, මුෂ්ෆිකර් රහීම් 25) ඇෆ්ගනිස්තාන් පිල ඕවර 44.3 කදී සියලු දෙනා දැවී 245 (ඊබ්‍රාහිම් ශද්‍රාන් 75, රමාට් ෂා 33, හෂ්මතුල්ලා ශහිඩි 51, නජිබුල්ලා ශද්‍රාන් 17, රෂීඩ් ඛාන් 24, ටස්කින් අහ්මඩ් 44/4, සොරිෆුල් ස්ලාම් 36/3)