ඉන්දීය කණ්ඩායමට තීරණාත්මක තරගයක්
2023 September 04- Page Views : 220
ආසියානු කුසලාන ක්‍රිකට් තරගවලියේ ඉන්දීය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගය අද (04) පැවැත් වේ.
තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය.
තරඟාවලිය පිළිබඳ ඉදිරි බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ඉන්දීය කණ්ඩායමට මෙම තරගය ජයගැනීම අතිශය තීරණාත්මක වනු ඇත.
තරගවලියේ "ඒ" කාණ්ඩය යටතේ මෙම තරගය පැවැත්වෙන අතර එම කාණ්ඩයේ මේ වන විට පෙරමුණ ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්ව සිටී.