ජොකොවිච් ට ඉතිහාසගත ජයක්
2023 September 11- Page Views : 1187
අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත් විය.
36 හැවිරිදි ජොකොවිච් මෙලෙස ජයග්‍රහණය කළේ සිය 24 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව යි.
ජොකොවිච් තරඟ වැදුනේ රුසියානු ටෙනිස් ක්‍රීඩක ඩැනිල් මෙඩ්විඩොව් සමඟ ය.
එම අවසන් තරගය 6-3, 7-6 (7/5), 6-3ක් ලෙස ජයග්‍රහණය කිරීමට ජොකොවිච් සමත් විය.
මීට පෙර ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 24ක් ජයග්‍රහණය කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ හිටපු ටෙනිස් ක්‍රීඩිකා මාග්‍රට් කෝට් විසිනි.
ඇය එම වාර්තාව තබා ඇත්තේ මීට වසර 50කට පෙරදීය.