WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - පාකිස්තාන තීරණාත්මක තරගය අද

2023 September 14- Page Views : 1878

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද (14) පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය.

කණ්ඩායම් දෙකටම අද තරගය තීරණාත්මක වන අතර ඉන් ජය ගන්නා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමග අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

යම් හෙයකින් අද තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් අවසන් මහ තරගය සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වේ.

අවසන් මහ තරගය ලබන 17 වන දින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.