WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝක කුසලාන සංචිතයට වනිඳු එයි

2023 September 26- Page Views : 1877

ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඇතුළත්ව සිටියි.

කෙසේ වෙතත් වනිඳුගේ සහභාගිත්වය ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මත තීරණය වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ආබාධයන්ට ලක්ව සිටින මහීෂ් තීක්‍ෂණ සහ ඩිල්ෂාන් මධුසංඛ ද සංචිතයට ඇතුළත්ව සිටින අතර ඔවුන්ගේ සහභාගිත්වය ශාරීරික යෝග්‍යතාව මත තීරණය වන බව ක්‍රිකට් ආයතනය කීය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය:

දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, වනිඳු හසරංග (ශාරීරික යෝග්‍යතාව මත), දුනිත් වෙල්ලාලගේ, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්‍ෂණ (ශාරීරික යෝග්‍යතාව මත), ඩිල්ෂාන් මධුසංඛ (ශාරීරික යෝග්‍යතාව මත), ළහිරු කුමාර, කසුන් රාජිත සහ මතීෂ පතිරණ අතිරේක ක්‍රීඩකයෝ: චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්ත