WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ක්‍රිකට් ප්‍රබලයින් තිදෙනෙක් බෑ කියයි

2023 December 11- Page Views : 1187

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකු සිය වාර්ෂික කොන්ත්‍රාත් සඳහා අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ ජේසන් හෝල්ඩර්, නිකලස් පූරාන් සහ කයිල් මේයර්ස් යන ක්‍රීඩකයින් තිදෙනාය.

ෆ්‍රැන්චයිස් ක්‍රිකට් සහ ලීග් ක්‍රිකට් තරගාවලි හේතුවෙන් ඔවුන් මෙලෙස කොන්ත්‍රාත් ගිවිසුම් වෙත එළැඹීම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මෙම හේතුව නිසා ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රතික්ෂේප කළ අවස්ථා රැසක් මීට පෙර කොදෙව් හි මෙන්ම සෙසු රටවලින් ද වාර්තා වී තිබුණි.