IPL තරගාවලිය මාර්තු මාසයේ ?
2023 December 19- Page Views : 1187
2024 ඉන්දියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 22 වනදා සිට මැයි මස අග දක්වා පැවැත්වීමට අවධානය යොමුකර තිබේ.
ඉන්දීය මහ මැතිවරණය සඳහා දින දිනම කිරීමෙන් පසු තරගාවලි කාලසටහන පිළිබඳ අවසන් තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.
මේ අතර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද ඩුබායිහි දී පැවැත් වීමට නියමිතය.
අද පැවැත්වෙන වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 119 දෙනෙකු සහ ඉන්දීය ක්‍රීඩකයින් 214 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතය.
එහිදී විදෙස් ක්‍රීඩකයින් 30දෙනෙකු සහ ඉන්දීය ක්‍රීඩකයින් 47 දෙනෙකු මිලදී ගැනීමට නියමිතව තිබේ.
වනිඳු හසරංග, කුසල් මෙන්ඩිස්, ඩිල්ෂාන් මධුසංඛ, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ නුවන් තුෂාර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරේ.