වසරේ කාන්තා බිග් බෑෂ් තරුව චමරි අතපත්තු
2024 February 01- Page Views : 1187
ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (31) පැවැත්වුණි.
එහිදි 2023 වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් සම්මානය හිමිකරගත්තේ තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් විසිනි.
මෙවර සම්මාන උළෙලේ දී 2023 වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි බෙලින්ඩා ක්ලාක් සම්මානයෙන් ඈෂ්ලි ගාඩ්නර් පිදුම් ලැබීය.
මේ අතර 2023 වසරේ කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරුවට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ චමරි අතපත්තුට හිමිවීම කැපී පෙණුනි.