WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වේගපන්දු බළඇණියේ ප්‍රබලයා අහිමිවෙයි

2024 March 17- Page Views : 219

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක ට බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන ඉදිරි තරග අහිමි වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ දෙවන එක්දින තරගය අතරතුර ඔහු පාදයේ ආබාධයකට ලක්වු බවය.

ආබාධ තත්ත්වය සුව අතට පත්නොවීම හේතුවෙන් ඩිල්ෂාන් මධුෂංක තෙවන තරගයට සහභාගී නොවන බව ක්‍රිකට් ආයතනය පැවසීය.

දෙරට අතර තීරණාත්මක අවසන් එක්දින තරගය හෙට (18) පැවැත්වීමට නියමිතය.