ඉන්දීය ක්‍රිකට් බලධාරීන් හදිසි තීරණයක් ගනී
2024 May 10- Page Views : 1187
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා එළැඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර අයදුම්පත් කැඳවීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.
එම කණ්ඩායමේ වර්තමාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාහුල් ඩ්‍රාවිඩ් ටද ඒ සඳහා අයදුම්කළ හැකි බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා පැවසීය.
රාහුල් ඩ්‍රාවිඩ් ගේ කොන්ත්‍රාත් කාලය ලබන මස නිමවීමට නියමිතය.
නව ප්‍රධාන පුහුණුකරු ට 2027 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තෙක් වසර තුනක කොන්ත්‍රාත්තුවක් හිමිවන බවද ෂා පැවසීය.