නෙදර්ලන්තය ට ජය
2024 June 05- Page Views : 1188
20යි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ D කාණ්ඩය යටතේ අද (05) නිමාවූ තරගයෙන් ජය ගැනීමට නෙදර්ලන්තය සමත්විය.
ඒ නේපාලය පරාජය කරමිනි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 106ක් රැස්කළේය.
ඊට පිළිතුරු ලෙස නෙදර්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 18.4 කදී කඩුලු 4ක් දැවී ලකුණු 109ක් ලබාගනිමින් තරගය ජයගත්තේය.