ඉන්දියාවට තියුණු ජයක්
2024 June 10- Page Views : 219
20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය අතර පැවති තරගයෙන් ඉන්දියානු කණ්ඩායම ලකුණු 6ක තියුණු ජයක් හිමි කරගත්තේය.
තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළේය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දු වාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 119ක් රැස්කළේය.
නසීම් ෂා සහ හරිස් රවුෆ් කඩුලු 3 බැගින් දවා ගත්තහ.
ඉන්දියාව වෙනුවෙන් රිෂාබ් පාන්ට් ලකුණු 42ක් ලබා ගත්තේය.
ලකුණු 120ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 113ක් පමණි.