කමින්ස් වාර්තා පොත් අතරට
2024 June 21- Page Views : 1187
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබාගත් දෙවැනි පන්දු යවන්නා බවට පැට් කමින්ස් අද (21) පත්විය.
ඒ බංග්ලාදේශය ට එරෙහිව මේ වනවිට පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ Super 8 වටයේ තරගයේදී ලබාගත් කඩුලු ත්‍රිත්වයත් සමගිනි.
ඔහු බංග්ලාදේශ ඉනිමේ 18 වැනි ඕවරයේ අවසන් පන්දු දෙකේදී සහ 20 වැනි ඕවරයේ පළමු පන්දුවේදී එම කඩුලු දවාගත්තේය.
මීට පෙර ඔස්ට්‍රේලියාව වෙනුවෙන් T20 ජාත්‍යන්තර තරගය කදී කඩුලු ත්‍රිත්වයක් දවාගෙන සිටින්නේ බ්‍රෙට් ලී ය.