බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජය
2024 June 22- Page Views : 218
අයි.සී.සී 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ "සුපර් 08" වටයේ අමෙරිකාවත් සමඟ පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට අමෙරිකානු කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 128 ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම සඳහා 129ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 5 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 130 ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළේය.