ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 4ක ජයක්
2024 June 24- Page Views : 1873
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර අද (24) පැවැති පළමු T20 තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
හම්බන්තොට පැවැති එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 134ක් ලබා තිබුණි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමිවූ ඉලක්කය ලකුණු 135කි.
එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 18යි පන්දු 04ක් අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 137ක් වාර්තා කරමින් ජය හිමිකර ගත්තාය.