අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් මෙන්න
2024 June 25- Page Views : 218
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සඳහා මේ වනවිට කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා තිබේ.
ඒ ඉන්දීය කණ්ඩාම, එංගලන්ත කණ්ඩාම, දකුණු අප්‍රිකාණු කණ්ඩායම සහ අෆ්ගනිස්තාන කණ්ඩායමයි.
මේ අතර අද (25) පැවති සුපිරි 8 දෙනාගේ තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 8ක ජයග්‍රහණයක් ලබාගනිමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම වාර්තා අතරට එක්විය.
ඒ 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමක් අවසන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ලෙසය.
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය එළැඹෙන බ්‍රහස්පතින්දා දකුණු අප්‍රිකාණුව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත් වීමට නියමිතය.
එම තරගය මෙරට වේලාවෙන් උදෑසන 6.00ට ආරම්භ වේ.
අවසන් පූර්ව වටයේ දෙවන තරගය එංගලන්ත සහ ඉන්දියව අතර පැවැත්වීමට නියමිත අතර එම තරගය ද එළැබෙන බ්‍රහස්පතින්දා මෙරට වේලාවෙන් රාත්‍රි 8.00ට ආරම්භ වීමට නියමිතය.