WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

එංගලන්තය සහ නෙදර්ලන්තය අවසන් පූර්ව වටයට

2024 July 07- Page Views : 218

2024 යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා එංගලන්තය සහ නෙදර්ලන්තය සමත්විය.

එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයේදී ස්විට්සර්ලන්තය සමග තරග වැදුණි.

එහි නියමිත කාලය නිමාවන විට කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා සිටියේය.

අනතුරුව තරගයේ ජයග්‍රාහකයින් තීරණය කළේ දඬුවම් පහර මගිනි.

එහිදී දඬුවම් පහර 5ට 3ක් ලෙස තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

අනෙක් තරගය පැවැත්වුණේ නෙදර්ලන්තය සහ තුර්කියේ කණ්ඩායම අතරය.

එම තරගය ගෝල 2ට එකක් ලෙස ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.

ඒ අනුව එංගලන්තය සහ නෙදර්ලන්තය අතර අවසන් පූර්ව තරගය බදාදා පැවැත්වෙයි.