ලෝක සාමය සම්මානය ශ්‍රී ලාංකික සිසුවියකට
2024 August 25- Page Views : 1187
ජපානයේ හිරෝෂිමා ආයතනය මගින් ළමයින් සදහා වන සාම සමුළුවේ දී ලෝක සාමය වෙනුවෙන් පැවති කථික තරගයේ දී එයට සහභාගී වූ ලොව අනෙකුත් රටවල් පරදා , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කවීෂි යශෝධරා දිවානන්ද සිසුවිය පැවැත්වු කතාවට , ලෝක සාම සම්මානය ( World Peaceful Award ) දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
ඇය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි .මෙම සමුළුව ජපානයේ ටෝකියෝ නුවර ඉකුත් 20 දින පවත්වා තිබූ අතර එහිදී ඇය ලෝක සාම නියෝජිතවරියක ලෙස ද පත් කර තිබුණි.