ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගයට අද විවේකයක්
2024 September 21- Page Views : 138
නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය ඊයේ නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 237ක් ලබා සිටියා.
එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 83ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 61ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 305 ක් රැස් කළ අතර, නවසීලන්ත පළමු ඉනිම ලකුණු 340 කට සීමා වුණා.
කෙසේ වෙතත් අද ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් තරගය නොපැවැත්වෙන අතර, තරගය හෙට සහ අනිද්දා පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.