දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස ඉල්ලීමක්
2024 October 04- Page Views : 358 ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම අත්, පා මුඛ රෝගය (Hand, foot and mouth disease) සහිත දරුවන්ද මේ දිනවල වාර්තා වන බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිම තුළින් දරුවන් ආරක්ෂා කරගත හැකි බව ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා පෙන්වා දෙයි.