WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හදවත ආරක්ෂා කර සුව නින්දක් ලබාදෙන වට්ටක්කා ඇටවල විශ්මිත ගුණ මෙන්න..

2024 October 08- Page Views : 20

වට්ටක්කා කියන්නේ අපේ දෛනික ආහාර වේලට නිතරම එකතුවෙන රසවත් එළවළුවක්නේ.

ඒ වගේම වට්ටක්කා අපේ ශරීරයට ශක්තිය ලබා දෙන ආහාරයක්. අපි වට්ටක්කා පිළියෙල කරන කොට ඒවායේ ඇට ඉවත දමනවා, නමුත් ඔබ දන්නවාද වට්ටක්කා ඇට අපේ ශරීරයට බොහෝ ප්‍රයෝජනවත් කියලා.

මේ ලිපිය කියවීමෙන් පසු නම් ඔබ කවදාවත් වට්ටක්කා ඇට විසි කරන එකක් නැතිවෙයි. වට්ටක්කා පිසින විට ඒවායේ ඇට වෙනම අරන් තියලා හොඳින් සෝදා වියළීමට තබන්න. පසුව ඒවා දිනපතා ආහාරයට ගන්න. රට කජු කනවා වගේ කන්න පුළුවන් මේ වට්ටක්කා ඇටත්.

මේ තියෙන්නේ වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් අපේ සිරුරට ලැබෙන ප්‍රයෝජන කිහිපයක්.

01. ආතරයිටිස් වැනි තත්වයන් නිසා ඇතිවෙන වේදනාවන් වලට සහනය ලබා දෙනවා මෙවැනි රෝග වලට අපි ලබාගන්න යම් යම් ඖෂධ වර්ග වලින් අතුරු අබාධ ඇති වීමට ඇති ඉඩ කඩ ඉතා වැඩියි. නමුත් වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් ඔබට කිසිම අතුරු අබාධයක් නොමැතිවම මෙවැනි රෝග සදහා සහනයක් ලබාගත හැකියි.

02. ඔබේ හදවතේ නිරෝගී බව ආරක්ෂා කරනවා වට්ටක්කා ඇට වල අඩංගු වෙන මැග්නීසියම් වලින් ඔබේ නිරෝගී බවට විශාල පිටුවහලක් ලැබෙනවා. අධික රුධිර පීඩනය පාලනය කරමින් හදවත් අකර්මන්‍ය වීම් වගේම ආඝාතය වැනි තත්වයන්ගෙනුත් ඔබව ආරක්ෂා කරනවා.

03. ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා වට්ටක්කා ඇට වල අඩංගු වෙන phytosterol සංයෝගය මගින් ඔබේ රුධිරයේ අඩංගු වෙන අහිතකර කොලෙස්ටරෝල් අඩු කරනු ලබනවා. සුර්යකාන්ත ඇට වලට පසුව වැඩිම phytosterol සංයෝගයක් අඩංගු වෙන්නේ වට්ටක්කා ඇට වලයි.

04. ඔබේ රුධිරයේ අඩංගු සීනි මට්ටම සමාන අගයක පවත්වා ගෙන යා හැකියි වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් ඔබට පුළුවන් ඔබේ සිරුරේ පැවතිය යුතු සීනි මට්ටම හැමදාමත් සමාන මට්ටමක පවත්වා ගෙන යන්න. ඒ වගේම චය ඔබට බර අඩු කර ගැනීමටත් හැම දවසකම නිරෝගීව ඉන්නත් අවස්ථාව ලබා දෙනවා.

05. ඔබට හොද නින්දක් ලබා දෙනවා ඔබත් නිදා ගැනීමේ අපහසුතාවයකින් පෙළෙනවා නම් රාත්‍රියට නින්දට යාමට පෙර වට්ටක්කා ඇට කිහිපයක් ආහාරයට ගන්න. වට්ටක්කා ඇට වල අඩංගු වෙන ඇමයිනෝ අම්ලය, tryptophan ඔබට උදවු වෙනවා සුව නින්දක් ලබාගන්න.